කතරගම ගිනි පෑගීමේ උළෙල අද


( කේ ඩි දේවපි‍්‍රය )


කතරගම ඇසළ මංගල්‍යට සමගාමීව ගිනි පෑගීමේ උළෙල අද (24) වැනි දින ආරම්භ විය. ප‍්‍රථම ගිනි පෑගීමේ උළෙල අද උදැසන 9 ට වල්ලි මාතා දේවාලය ඉදිරිපිට දී උත්කර්ෂවත් අයුරින් සිදු කරනු ලැබීය.


මෙම ගිනි පෑගීමේ අවස්ථාව සඳහා හින්දු බෞද්ධ බැතිමතුන් 150 දෙනකු එක් වී ගිනි පෑගීම සිදු කරනු ලැබීය.


මෙම ගිනි පෑගීමේ අවස්ථාවට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතාගේ අධික්‍ෂණයෙන් සිදු කරනු ලැබීය.