කතරගම ‘වාසනා‘ ඇසළ මංගල්‍යට සැරසෙයි


(කේ.ඩි දේවපි‍්‍රය )  

          
කතරගම දේවාලයට අයත් වාසනා හස්තියා මාස හතරක කාලයක් ගසක බැඳ සිට   ඇසළ මංගල්‍ය සඳහා  අද  (08) උදෑසන සුභ මොහොතින්  ඇතා ගසින් ලිහා දැමීය.
 
මහා වනයේ සිටින අලි ඇතුන්ට මෙන්ම කතරගම දේවාලයේ අලි ඇතුන්ට ද කම්බුල් තෙමීම  හෙවත් මද කිපීම  නම් රෝගයට වසරකට වරක් ලක්වේ.
 
 රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා ද මාස 04 ක කාලයක් සිට ගස් බැද තැබීම වසරකට වරක් සිදුවේ.ඇතා ගේ කන් තෙමීමේ  රෝගය සුව වීමෙන් පසුව සුභ මොහොතින් බඳන ලද යදම් වැල් වලින් මුදවා කඳ සුරිදුගේ පෙරහර මංගල්‍ය සඳහා සුදානම් කරවනු ලබන්නේ අපුරු චාරිත‍්‍ර වීදි අනුගමනය කරමින්ය.
 
ඇතා ඉදිරි පිට කිරි මුට්ටියක් උතුරවාලී මෙන් පසුව බැද තැබු යදම් ගලවා ,ඇතා නහවා, කැවුම් කිරිබත් පළතුරු ආහාරයට ලබා දීම සිදු කරනවා. මෙම අවස්ථාවේදී ,මඟුල් ගෙදරක මෙන් පැමිණ සිටි සැමට අලි වාඩියේ භෝජන සංග‍්‍රහයක්ද සංවිධානය කරනු ලබන අතර පැමිණ සිටින සැවොම කැවුම් කිරිබත් කා ඇත් ගොව්වාට මුදල් තෑගි ද ලබා  දෙති.