කරපිංචා කන කට පිංචා


(වයි.ඒ.එස්.වීරවංශ  )


කරපිංචා කොළයක හැඩය හා පැහැයට අනුවර්තනය වු  කෘමියෙක්  බළන්ගොඩ හපුගහකුඹුර  ප්‍රදේශයෙන් හමු වී තිබේ.


හපුගහකුඹුර පදිංචි  පී. ආර්. ගුණවතී මහත්මියගේ ගෙවත්තේ  කරපිංචා අත්තක  සිට මෙම කෘමියා හමු වී තිබේ.


බොහෝ වෙලාවට මෙවැනි සතුන්  දෙහි, කොට්ටම්බා, දඹ ආදී ගස්වල ද එම ගසේ පත්‍ර හැඩයෙන් හා පැහැයෙන් නිර්මාණය වී තිබෙන අයුරු දැකිය හැකිය.


මෙය ස්වාභාව ධර්මයේ තවත් අපූර්ව නිමැවුමක් ලෙසද  සැලකිය හැකිය.

සතුරු කෘමින්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙලෙස ශාක පත්‍රයක් ලෙස සැකසී ඇතැයිද  පරිසර, සත්ත්ව විද්‍යාඥයයෝ පවසති.