කල්පිටියේ ගෙවත්තක ගැට කිඹුලෙක්



(පද්මා කුමාරී කංකානම්ගේ )


කල්පිටිය අම්මාතෝටම් ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි ගැට කිඹුලෙකු, අල්ලා  කල්පිටිය වනජීවී කාර්යාලයට බාර දීමට අද (21) ගම්වාසීහු එක්ව  කටයුතු කළහ.


අඩි හතරක් පමණ දිගැති මෙම කිඹුලා,නිදැල්ලේ හැසිරෙමින්  සිටි බවත් එළුවන් ඩැහැගැනීමට පැමිණෙන්නට ඇති බවත් ප්‍රදේ ශවාසීහු සැක කරති.


 කිඹුලා නිදැල්ලේ හැසිරෙමින් සිටිනු දුටු  ගම්වාසීන් පොලීසිය දැනුවත් කර පසුව වනජීවිකාර්යාලයටද දැනුම්දී සුක්ෂම අයුරින් කිඹුලා අල්ලා ගැනීමට සමත් වී තිබේ.