කසළ ටොන් 100 කින් කාබනික පොහොර ටොන් 34 ක්


 

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල මහ නගර සභාව ආරම්භ කර ඇති කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ යටතේ කසළ අංගනයේ දිනකට ටොන් 100 ක් ලබාගෙන කාබනික පොහොර ටොන් 34 ක් නිපදවීමේ කාර්ය සාර්ථක වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් ලේකම් , මහ දිසාපති එස්.එම්.ජී.කේ. පෙරේරා පැවසීය.

පොලොන්නරුව, අනුරාධපුර, අකුරණ ,ගම්පොළ, ඇළහැර, බකමූණ, ලග්ගල, පල්ලේගම, විල්ගමුව ආදී දුර බැහැර ප්‍රදේශවල එකතුවන කැළි කසළ පවා දඹුල්ල කසළ අංගනයට රැගෙන විත් ඒවා ප්‍රතිචක්‍රීකරණය කර කාබනික පොහොර නිපදවීම සිදු කරමින් පවතී.

දඹුල්ල නගරයෙන් ඉවත් කෙරෙන කැළි කසළ, එළවළු දිගම්පතහ රක්ෂිතයට ගෙනැවිත් දැමීමෙන් දැඩි පාරිසරික හානි මතුවූ අතර එය ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරිමෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මැදිහත්ව ජපානයේ  සහයෝගය ඇතිව මෙම කසළ අංගනය නිර්මාණය කර තිබේ.

මේ භූමියේ ඇති අයිතිය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර දඹුල්ල මහ නගර සභාවට පවරා දීමේ වැඩපිළිවෙළක් සාකච්ඡා කරන බව මාතලේ මහ දිසාපතිවරයා පැවසීය.