ක්‍රීඩා ඇමැති නාමල් රළමත ලිස්සන්න යයි


(සුරියවැව දිලීප් ජයසේකර)

හම්බන්තොට වෙරළ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (15) උදෑසන හම්බන්තොට වෙරළ තීරයේදී රළමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ  (සර්පින්) නිරත වීය.

මේ සදහා නාමල් රාජපක්ෂ මහතාගේ ක්‍රිඩා පුහුණුකරු වන ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් ටේලර් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

මීට සමගාමීව ඊයේ (14) රාත්‍රියේදී හම්බන්තොට වෙරළ උද්‍යානයේදී වෙරළ වොලිබෝල් හා වෙරළ පාපන්දු තරග ඉසව් කිහිපයක්ද පැවැත්විණි.