කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට



රංජිත් රාජපක්ෂ    
                    
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බව විදුලිබල මණ්ඩලය කියයි.


ජාතික විදුලිබල පද්ධතියට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අද (27) උදෑසන වන විට අඩි දෙකට ආසන්න වී ඇති බව විදුලිබල මණ්ඩලය කියයි.


මවුස්සාකැලේ ජලාශයද ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් ජලාශවල ජල මට්ටම වැඩි විමත් සමඟම කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන ,පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාර විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි විදුලිබල මණ්ඩලය පවසයි.


මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ වැසි ලැබෙමින් පවති.