කිමිදුම් සෙබළියන් විසිර ගියදා


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ කාන්තා නාවිකයන් තිදෙනෙකුට පසුගියදා සහතිකපත් පිරිනැමීය.  

මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ලුතිනන් (සැපයුම්) ගයංකා සතරසිංහ සහ උප ලුතිනන් (ස්වේච්ඡා) නිමාෂා ජයවික්‍රම යන කාන්තා නිලධාරීන් දෙදෙනා සහ කාන්තා බල ශාරීරීක අභ්‍යාසක ජී.ඩී.ඩී. සකුන්තලා සහතික ලැබූහ.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්, ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ නාවික හමුදා කිමිදුම් පාසලේදී මෙම සහතික ප්‍රදානය පැවැත්විණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ සංකල්පයක් මත, කිමිදුම් අංශයට කැමැත්තක් දක්වන කාන්තා නාවිකට මූලික කිමිදුම් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව මෙම වසරේ ජුලි මාසයේදී හිමිවූ බවත් ඒ සඳහා අයදුම්කළ කාන්තා නාවිකයන් අතුරෙන් මූලික කිමිදුම් පාඨමාලාව හැදෑරීම සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය සහිත කාන්තා නිලධාරින් දෙදෙනෙකු සහ කාන්තා නාවිකයෙකු ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ නාවික හමුදා කිමිදුම් පාසලේදී දින 20 ක මූලික කිමිදුම් පාඨමාලාවට සාර්ථකව අවසන් කළ බවත් නාවික හමුදාව කීය.