කිරින්ද වෙරළේදී මියගිය පියා - දියණියෝ සමුගනිති


(රංජිත් රාජපක්ෂ) 

හැටන් ප්‍රදේශයේ ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ කිරින්ද වෙරළ තිරයේදී රළ පහරකට හසු වී මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (25) හැටන් කුඩාගම පොදු සුසාන භුමියේ දී සිදුකෙරිණ.

අවසන් කටයුතු සඳහා මියගිය අයගේ ඥාතීහු, හිතවත්තු, මිතුරෝ  සහ ප්‍රදේශය් සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව එක්ව සිටියහ.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ නුවන් ඉන්දික විජේසුරිය (39) (ව්‍යාපාරික), නෙසත්මා සහන්දි විජේසුරිය (06) , නදිශා ඉනොමි විජේසුරිය (04) යන අයයි.

අනතුරෙන් මිය ගිය නුවන් ඉන්දික විජේසුරිය මහතාගේ බිරිඳ  වන හසිනි විජේසුරිය මහත්මියද මෙම අනතුරට මුහුණ පා බරපතල තත්ත්වයේ අම්පාර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මිය ගිය අයට ශෝකය පළකරමින් හැටන් නගරයේ සියලුම කඩ සාප්පුවල සුදු කොඩි ඔසවා නගරය සුදු කොඩි වැල්වලින් සරසා තිබිණි.