කුසගින්නේ සැරිසරන සුනඛයින්ට පොලිසියෙන් ආහාර


හැටන් නගරයේ කුසගින්නේ සැරිසරන සුනඛයින්ට ආහාර සහ පානිය ජලය ලබා දිමේ වැඩසටහනක් හැටන් පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබේ.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමත් සමග හැටන් නගරයේ ආපන ශාලා සහ මාළු අලෙවි සැල් වසා දැමිම හේතුවෙන් එම වෙලදසැල් වලින් ඉවතලන ආහාර ගැනිමෙන් ජිවත් වු අයාලේ යන සුනඛයින් ගත වු පැය කිහිය තුල කුසගින්නේ සිටිහ.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)