කෙනෙරගේ දිවි බේර ගන්න වනජිවී නිලධරයෝ වෙහෙසෙති


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වාහනයක ගැටී දැඩි ලෙස අසාධ්‍යයව සිටින කෙනෙරගේ දිවි බේරා ගැනීමට වනජීවි නිලධාරීහු හා පශු වෛද්‍යවරයෙක් දැඩි උත්සහ නිරත වී සිටිති.

පසුගිය (19) දා රාත්‍රීයේ පුත්තලම අනුරාධපුර මාර්ගය 6 කනුව වෙල්යාය  හරහා මාරු වෙමින් සිටියදී කිසියම් වාහනයක මෙම ගැබිනි කෙනෙර ගැටි තිබිණි. පසුව ඇතින්න මාර්ගයේ සිට මීටර් 20  ක් පමණ  පෙරළී තිබේ.

වනජීවි පශු වෛද්‍යවරුන්ට සති අන්තයේ රාජකාරි කිරීමේදී මතුව තිබූ දීමනා මුල් කරගනිමින් මෙම කෙනරට ප්‍රතිකාර දිනකින් ප්‍රමාද වී තිබු අතර පසුව වයඹ වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා අද (20) අලුයම සිට ප්‍රතිකාර කිරීම අරඹා ඇත.

කෙනෙර වාහනයේ ගැටීමත් සමඟ ඉදිරිපස දකුණු අතක අස්ථි බිදීමකට ලක්ව ඇත. ඒ සමඟම වාහනයේ තියුණු යකඩයක් කෙනෙරගේ අතක් හිල් කරගනිමින් අගල් 6 කට ශරිරය තුළට බැස තිබු බව වනජීවි නිලධාරීහු පවසති.

කෙනෙර අනතුරට ලක්කළ වාහනය මේ වන විට හඳුනා ගෙන නැති අතර එය පලා ගොස් තිබේ.