කොබ්බෑකඩුව 28 වැනි ගුණසැමරුම



(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 28 වැනි ගුණසැමරුම් උළෙල, මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේදී අනුරාධපුර ශික්ෂණ රෝහල් වට රවුමේ පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුව අභියසදී ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්විණි.

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා 1992 වසරේ අගෝස්තු 08 වැනි දින යාපනය අරාලි තුඩුවේදි එල්ටිටිඊ ත්‍රස්වාදීන් අටවන ලද පීඩන බෝම්බයකට  හසුවී දැයෙන් සමුගෙන අදට (08) වසර 28 ක් ගතවී ඇත.

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා දැයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් බිමේ සිදුකළ සේවාවන් උදෙසා ඒ මහතාගේ පිළිරුව ඉදිරිපිටදී මෙසේ ගුණසැමරුම් උත්සවය සංවිධානයකර තිබුණි.

මෙම අවස්ථාවට යුද හමුදාවේ උසස් නිලධාරිහු රැසක් එක්ව සිටියහ.