ගංගාරාමයේ හිසතෙල් ගෑමේ උත්සවය


ඩික්සන් වසන්ත

 

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හිසතෙල් ගෑමේ උත්සවය අද(16) වැනි දා උදේ 10.16 ට යෙදී තිබුණ සුබ මොහොතට යෙදී තිබිණි.

කොළඹ,හුණුපිටිය,ගංගාරාම විහාරස්ථානයේ හිසතෙල් ගෑමේ උත්සවයේ දී  හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ‘ගංගා’ නැමති හස්තියාට ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ  ඥාණිස්සර හිමියෝ හිසතෙල් ගැල්වුහ.

ගංගාරාමවාසී කිරින්දේ අස්සජි හිමියෝ විසින් කුඩා දරුවන් ඇතුළු පැමිණ සිටි පිරිසට හිසතෙල් ගැල්වුහ.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

ඡායාරූප - ඩික්සන් වසන්ත

වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා