ගෑස් ගන්න කඩවත මහා පෝලිම්


(විමුක්ති එස්. රුද්‍රිගු)

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොළේ මිලදි ගැනීමට නොහැකි නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරිස් අපහසුතාවයට පත්ව සිටිති.

ඇතැම් පිරිස්  ගෑස් සිලින්ඩර් සොයා තැන තැන යන අයුරු ද දක්නට ඇති අතර කඩවත නගරයේ ගෑස් වෙළෙඳපොළ අසල අද පෙරවරුවේ සිටි දිගු පොලිම් දක්නට ලැබිණි.

ගැස් සිලින්ඩර් රැගත් ලොරියක් එන බවට ලැබුණු ආරංචියත් සමග දින ගණනක් ගෑස් නොමැතිව සිටි විශාල  පිරිසක් මේ ආකාරයෙන් පොලිම්වල සිටින අයුරු ලංකාදී කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.