ගින්නෙන් තේ පැක්ටරියේ කොටසක් සුන්


(මොහොමඩ් ආසික් සහ ධම්මික ගුණවර්ධන)

මහනුවර පන්විල රාක්ෂාව වතු යායේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක අද 26 වනදා සවස ඇති වූ ගින්නකින් තේ කම්හලේ කොටසක් එහි තිබූ තේ කුඩු මෙන්ම යන්ත්‍ර සූත්‍රද සමඟ සම්පූර්ණයෙන් පිළිස්සී ගොස් තිබේ.

මෙම ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාවේ සකස් කර තිබූ තේ කුඩු විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇති අතර යන්ත්‍ර සූත්‍රවලට මෙන්ම ගොඩනැගිල්ලටද දැඩි ලෙස හානි සිදුව තිබේ.

මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පන්විල පොලීසිය පන්විල ප්‍රාදේශිය සභාව සහ ප්‍රදේශයේ ජනතාව මෙන්ම කම්හලේ සේවකයන්ද එක්ව සවස් වරුවේම ගින්න පාලනය කිරිමට පියවර ගත්තද ඒ වන විටත් කම්හලට විශාල අලාභයක් සිදුව තිබිණ. මෙම ගින්න හේතුවෙන් කම්හලට සිදුව ඇති අලාභය තවමත් තක්සේරු කර නොමැති වුවද එය විශාල ප්‍රමාණයක් විය හැකි බව විශ්වාස කෙරේ.