ගිනි අව්වේ සුවය සොයන්නෝ


(හර්ෂණ තුෂාර සිල්වා ත්‍රිකුණාමලයේ සිට)

දැඩි හිරු රශ්මියෙන් පරෙස්සම් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (2) පළාත් කිහිපයකට අනතුරු අඟවා තිබිණි. උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත් ඒ අතර විය. කෙසේ නමුත් දැඩි හිරු රශ්මිය සහ රස්නය මධ්‍යයේ විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවේ නැගෙනිර වෙරළ තීරයේ සුන්දරත්වය විඳගන්නා අයුරු අද (3) දවස මුළුල්ලේ දක්නට ලැබිණි. 
 

සංචාරකයන් බොහෝමයක් අව්ව තපින අයුරු ද කැමරා කාචවල සටහන් විය.
ශ්‍රී ලංකාව වටා තිබෙන සංචාරය නිරන්තරයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂණයට ලක්වන්නකි. ශ්‍රී ලංකාවේ දකුණ සහ නැගෙනහිර වෙරළ තීරය ඒ අතරින් සුවිශේෂී වේ. දකුණේ සහ නැගෙනහිර වෙරළ තීරය ලොව සුන්දරම වෙරළ තීරයන් ලෙස ජාත්‍යන්තර සංචාරකයන් අතර ඉහළ ප්‍රසාදයක් දිනාගෙන තිබේ.
 
මාර්තු මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 707,924ක් වූ අතර එය පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලය සැලකිල්ලට ගැනීමේදී සියයට 17.4ක වර්ධනයක් යැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවල දැක්විණි.
 
ඡායාරූප ප්‍රදීප් ප්‍රතිරණ