චිත්‍රපට ජවනිකාවක් නොවේ


(බිමල් ශ්‍යාමන්- ජයසිංහ)

හොරයින් මත්කුඩු පාර්සල් දෙකක් රැගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෝටර් රථයෙන් පලා යද්දී පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී ඔහු අල්ලා උත්සාහ කිරීමේදී සැරයන්වරයා ද රැගෙන මෝටර් රථය කිලෝ මීටරයක් පමණ දුරක් රැගෙන ගොස් මෝටර් රථය වෙට්ටුවක් දමා සැරයන්වරයා බිමට වැටීමට සලස්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පළා යාමේ සිද්ධියක් නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පොලිස්  අත්අඩංගුවේ සිටි මත්ද්‍රව්‍ය ලබාදීමට පැමිණි තීරෝද රථ රියැදුරු ද එම කලබලය ඔස්සේ පලා ගොස් ඇතැයි එම නිලධාරියා කීය

මෙම අවස්ථාවේදී වැටලීමට ගිය කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සතුව ගිනි අවියක් තිබී ඇතත් ඔහු එම ගිනි අවිය පරිහරණය කර නැතැයි පොලිස් උසස් නිලධාරියෙක් පැවැසීය.

නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ තිබෙන කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව වැටලීමට ගිය අවස්ථාවේදී  රාජගිරිය ඔබේසේකරපුර හන්දියේ දී මෙම සිදුවීම සිදුවී ඇතැයි පොලිසිය කියයි

මෝටර් රථයෙන් බිමට වැටීමෙන් පොලිස් සැරයන්වරයාගේ හිසට සහ පාද වලට බරපතළ තුවාල සිදු වී ඇති අතර ඔහු නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් වී ඇත

සැරයන්වරයාගේ හිසට මැහුම් ද දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි

වැටලීමට ගිය පොලිස් කණ්ඩායම එම ස්ථාන ළඟා වන අවස්ථාවේදී ත්‍රීරෝද රථ රියදුරු මත්කුඩු පාර්සල් දෙකක් මෝටර් රථයේ රියැදුරු වෙත ලබාදෙමින් සිට ඇතැයි පොලිසිය කියයි

පොලිස් නිලධාරීන් එසැනින් ක්‍රියාත්මක වී ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන මෝටර් රථයේ පැමිණි පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීම සඳහා මෝටර් රථය වට කිරීමත් සමඟම ඔහු මෝටර් රථයේ දොරවල් අගුළු ලාගෙන තිබු බව පොලිසිය කියයි

එසැනින් මෝටර් රථය පණගන්වා ගත් මෝටර් රථයේ සිටි පුද්ගලයා එය ඉදිරියට ධාවනය කිරීමට සූදානම් වීමත් සමගම වැටලීමට ගිය සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත පැන ධාවනය වීම වැළැක්වීමට උත්සාහ කළත් නොනවත්වා කිලෝමීටරයක් පමණ මෝටර් රථය ධාවනය කර වරින්වර මෝටර් රථයේ තිරිංග තද කරන ගමන් වෙට්ටු දමා සැරයන්වරයා බිමට වැටීමට සලස්වා ඇතැයි පොලිසිය කියයි

එහිදී මහත් ආයාසයෙන් මෝටර් රථයේ ඉදිරිපස වෙරෙන් අල්ලා ගැනීමට උත්සහ දැරුවද වේගයෙන් මෝටර් රථය ධාවනය වීම හේතුවෙන් එය අල්ලා ගැනීමට නොහැකිව අනතුරුව පැති කණ්නාඩි කන්නාඩියක් අල්ලා ගෙන ඇතැයිද එම අවස්ථාවේදී නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු එකවරම තිරිංග තද කිරීමත් සමගම සැරයන්වරයා බිමට වැටී ඇති අතර ජාවාරම්කරු ඊයක වේගයෙන් මෝටර් රථය පදවා පලාගොස් තිබූ බවත් පොලිස් නිලධාරියා පැවසීය

මෙම සිදුවීම අවට තිබෙන සිසිටිවි කැමරා කිහිපයකම සටහන්ව ඇතැයි ද ඊට අමතරව චිත්‍රපටියක් යයි සිතූ ජනයා තුෂ්නිම්භූතව බලා සිට ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය

මේ පිළිබඳ වැටලීමට ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ විමසීමේදී මේක සුළු සිදුවීමක් එච්චර දෙයක් නැහැ යැයි පැවසීය