චේ ගුවෙරාගේ 51 වැනි ගුණ සැමරේ



 
 
(කේ බුද්ධික කුමාරසිරි )
 
ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවවාදී නායකයකු වන අර්නස්ට් චේ ගුවෙරාගේ  51 වෙනි ගුණ සමරු උත්සවය මොරගහහේන යහලකැලේ ‘‘චේ උද්‍යානයේදි’’ ඔහු විසින් රෝපණය කරන ලද මැහෝගනී වෘක්ෂය අසලදී කියුබානු රජයේ ශී‍්‍ර ලංකා තානාපතිනී ජුආනා එලේනා රාමෝස් මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පැවැත්විණි.


අර්නස්ට් චේ ගුවෙරා මහතා කියුබානු රජයේ අමාත්‍යවරයකු ලෙස 1959 වසරේ රබර් වගාව සම්බන්ධ පර්යේෂණ කටයුතුත්තක් සඳහා මෙරට සිදුකළ සංචාරයකදී මොරගහහේන යහලකැලේ වත්තේ මෙම මැහෝගනි පැළය රෝපණය කර ඇත.


සමාජවාදී තරුණ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු  අතර සැමරුම් උත්සවය අවසානයේ ‘‘චේ සරුව’’ නිමිත්තෙන් ප‍්‍රදේශයේ ජනතාව සඳහා වෛද්‍ය කඳවුරක් ද පැවැත්වීම එම සංගමය කටයුතු සංවිධානය කර තිබිණි.