ජයලාල් රෝහන දැයෙන් සමුගනී


(නිමල කොඩිතුවක්කු)

ප්‍රවීණ නාට්‍යවේදි ආචාර්ය ජයලාල් රෝහන මහතා අද (14) පස්වරුවේ සිය ජීවන රඟ මඩලෙන් බැස ගියේය.

ආදරයවන්තයින්ගේ දිනයේදි ප්‍රේක්ෂකයින්, කලාකරුවන් ඇතුලු සිය ආදරවන්තයින්ගේ දෑස් කදුලින් තෙත් කරමින් අද බෙරැල්ල කනත්තේදී ජයලාල් රෝහන මහතා අවසන් ගමන් ගියේය.

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශී) මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ ජයලාල් රෝහන මහතාගේ දේහය කලාකරුවන්ගේ කර මතින් බොරැල්ල කනත්ත දක්වා රැගෙන ගියේය.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)