ජාතික ඉදිකිරිම් සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ඨ දායකත්වය අගයනු පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන “2017 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතාගේ  ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
 
මෙම සම්මාන උළෙලේදී විදුලි හා යාන්ත්‍රික  සේවා‚ සිවිල් ඉංජිනේරු‚ හරිත ඉදිකිරීම්‚ ඉදිකිරීම්‚ පරිසර හිතකාමී නව්‍යකරණ තාක්ෂණ යන අංශ රාශියක් යටතේ ජාතික සම්මාන හා කුසලතා සම්මාන 32 ක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු විශිෂ්ටයන්ට ජනාධිපතිවරයා අතින් පිරිනැමිණි. 
 
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මාර්ගෝපදේශකත්වය හා අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා ඇතුළු  ආරාධිතයන් රැසක් සහභාගී විය.