ඥානසාර හිමිට නිදහස ඉල්ලා සත්‍යග්‍රහයක්


ජයමාල් ජන්ද්‍රසිරි 
 
සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට  නිදහස ප්‍රාර්ථනා කරන සත්‍යග්‍රහයක්  අද   (18)   කොළඹ කොටුව  දුම්රියපොළ ඉදිරිපිටදී පැවැතිවිණි.

 
ඊට සහභාගී වූ හිමිවරුන් කොටුව දුම්රියපොළ  ඉදිරිපිට සිට   පා ගමනකින් පිටකොටුව බෝධිය අසලට ගියහ.
 
බොදුබල සේනා සංවිධානය එම සත්‍යග්‍රහය සහ පාගමන සංවිධානය කර තිබිණි.