ටෙක්නෝ ශ්‍රී ලංකා 2019


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් සංවිධානය කරනු ලබන ටෙක්නෝ ශ්‍රී ලංකා 2019, ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (11 ) ආරම්භ කෙරිණ.
 
මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා සහභාගී විය.
 
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මහාචාර්ය එන්. රත්නායක, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන  ඇතුළු  මහත්වරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.