තායිලන්ත අගමැති ශ්‍රී ලංකාවේ සංචාරයක


ශාන්ත රත්නායක

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයත් චාන් ඕ චා මහතා ඇතුළු දූත පිරිස දින දෙකක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12) ලංකාවට පැමිණීමෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුහ.

එහිදී තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයත් චාන් ඕ චා මහතා  වෙනුවෙන් විශේෂ උත්තමාචාර උත්සවයක් ද පැවැත්විනි.

අග්‍රාමාත්‍ය ප්‍රයත් චාන් ඕ චා මහතා ලංකාවට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ආරාධනාවකට අනුවය. මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍ය ආර්යාව මෙන්ම එරට 40 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ.

මෙම උත්සවයට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරු රැසක් සහභාගි වූහ.