තැපැල් වර්ජනයෙන් ලෝටස් පාර වැසෙයි


චතුර එස් කොඩිකාර

ඒකාබද්ධ   තැපැල්   වෘත්තීය සමිති පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතා පාගමන හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.  

බඳවා ගැනීමේ වැටුප් තල අහිමි කිරිම, බඳවාගැනීමේ  පටිපාටි ගැටළුව වහා  විසඳීම , සියලු සේවකයින්  වෙත  බලපාන  ගැටළු වලට  විසඳීම  උප තැපැල්   ස්ථානාධිපතිවරු  ස්ථිර කරන ලෙසත්  1484  ක්  පමණ   වසර   3ක්  තුළ   ස්ථිර  කළ  යුතු පරිවාස පත්වීම්   වසර 5ක්   ගත වුවත්  ස්ථිර   නොකිරීම ඇතුළු   ඉල්ලීම් කීපයක්   මුල්කර ගනිමින් තැපැල් සේවකයෝ විරෝධතාවයේ යෙදෙති.  

ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට  නියමිතව තිබූ විරෝධතා පාගමන  ලෝටස් පාර අසළදී නවතා  දමා  තිබේ.  

තැපැල් සේවක  නියෝජිතයෝ  කිහිප දෙනෙක්   ජනාධිපති  ලේකම්   කාර්යාලයේ   නිලධාරින් සමග ජනාධිපති  ලේකම් කාර්යාලයේ දී සාකච්ඡා පවත්වමින් සිටියි.