දඹුල්ලේ එළවළු අලින්ගේ ආහාරයට


(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

මෙසේ ඉවත් කරන එළවළු තොග දිගම්පතහ  රජයේ රක්ෂිත කැළෑවට  ගෙන ගොස් දමන අතර ඒවා  වන අලීන්ගේ ආහාර බවට පත්ව ඇති අයුරු දැක ගැනීමට හැකිවිණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන පිපිඤ්ඤා, තක්කාලි, වම්බටු, නෝකෝල්, රාබු, නිවිති,  දඹල ආදී එළවළු වර්ග රැසක් දිනපතා ඉවත් කිරීමට සිදුව තිබෙන බව ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

එළවළු තොග විශාල වශයෙන් අද (5) අලුයම දඹුල්ල මහනගර සභාවේ ටිපර් රථ මඟින් දඹුල්ල  රජයේ රක්ෂිතයට  ගෙන ගොස් දැමීම සිදු විණි.