දළඳා පෙරහර සිරියෙන් සෙංකඩගල ඇළලෙයි


(ජේ.ඒ.එල්.ජයසිංහ/ චමිල් රූපසිංහ/ ඡායාරූප - චානුක කුලසේකර, චන්දන උඩුවාවල)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහර අද(7) පස්වරු 7.53ට දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටත්වී වීදි සංචාරය ආරම්භ කළේය. 

දළඳා පෙරහර කරඬුව ඉන්දිරාජා හස්තියා පිට වැඩම කරවනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.

අවසන් රන්දෝළි පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ තුනකට අධික ජනකායක් මහනුවරට පැමිණ ඇතැයි මහනුවර පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමැතිවරුද දෙස් විදෙස් මහා සංඝරත්නයද ලාංකික හා විදේශීක ජනතාවද පෙරහැර නැරඹීම සඳහා පැමිණ සිටිති.