දින 66කට පසු...



(ඡායාරූප - ඉෂාන් සංජීව)

කොරෝනා වසංගතය නිසා දින 66කට අධික කාලයක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වු කොළඹ නගරයේ ඇඳිරිනීතිය අද (26) පෙරවරුවේ ඉවත් කිරීමෙන් පසු එහි ජන ජීවිතය ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වූ අයුරු දැකගතහැකි විය.

කොළඹ නගරයේ වෙළෙඳ සැල් බොහොමයක් විවෘතව පැවති අතර පොදු ප්‍රවාහන සේවා, ටැක්සි සේවාද ක්‍රියාත්මක විය.

දිගු කාලයක් නිවෙස්වලට වී සිටි ජනතාව තම සුපුරුදු රැකියා ස්ථාන සඳහා පැමිණෙන ආකාරයද පෙනෙන්නට විය.