දින ගණනකට පසු ආණමඩුවට තෙල් ඇවිත්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව සමූපකාර ඉන්ධනහලින් පෙට්‍රල් ලබා ගැනිමට මේ වනවිට යතුරු පැදි 2000 කට වැඩි සංඛ්‍යාවක් පෝලිම්වල රැදි ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.

දින කිපයක් සමූපකාර ඉන්ධන හලේ පෙට්‍රල් නොතිබූ බවත් 22 අලූයම පෙට්‍රල් බවුසරයක් පැමිණිමේ ආරංචිය පැතිරි යාමත් සමග විශාල වශයෙන් යතුරු පැදිකරුවන් නගරයට පැමිණිම  ඇතැයි  පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ පාලනය කර ගැනිමට නොහැකි තරම් යතුරු පැදි තොගයක් මේ වන විට නගරයට පැමින ඇති බවයි.