දිය පොදක් සොයා තැන තැන යති


(ඡායාරූප -  හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වසර 17 කට පසු දරුණු නියඟයකින් තමන් පිඩා විඳින බව ඉඟිනිමිටිය ඇතුළු ගම්මාන 15 ක  වැසියෝ පවසති. ඉඳහිට වැසි කිපයක් ලැබුණත්  එය කිසි ලෙසකින්වත් ප්‍රමාණවත් නොවු බවත් මේ වන විට පවුල් 5,000ත් 15,000ත් අතර සංඛ්‍යාවකට බිමට ජලය නොමැතිව දැඩි පිඩාවට පත්ව සිටින බවත්  ප්‍රදේශවාසීහු කියති.

තම නිවෙස්වල අවශ්‍යතා සඳහාවත් අවශ්‍ය ජලය නොමැති බවත් සැතපුම් ගණනක් දුර ගමන් කර ජලය ගෙන ඒමට දවසින් වැඩි කාලයක් ගත කිරීමට සිදු වන බවත් ඔවුහු කියති. 

“අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ජනතාවට අඩුම තරමින් බිමට ජලය ටිකවත් බවුසර් මගින් ලබා දෙන්න කියලා.“ යැයි පලුගොල්ල ශ්‍රි වාපිකාරම විහාරාධිපති වල්පොල විජීත හිමියෝ පැවසූහ.