නව නාවික හමුදාපති ජනපති හමු වෙයි


නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
 
ධූරයේ වැඩ භාරගැනීමෙන් පසු නව නාවික හමුදාපතිවරයා මෙලෙස නිල වශයෙන් ජනාධිපතිවරයා හමුවූ අතර සාම්ප්‍රදායිකව සමරු තිළිණ හුවමාරුව ද සිදු කෙරිණි.

ඡායාරූපය - සුදත් සිල්වා