නව වසරේ සුබ නැකතින් ජනපති හිස තෙල්ගල්වයි


සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ රාජ්‍යය උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ‍ඓතිහාසික නාථ දේවාල භූමියේදී අද (15) පැවැත්විණි.

අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන මහනාහිමිපාණන් වහන්සේ විසින් ඡනාධිපතිතුමාගේ හිසතෙල් ගල්වන ලදි. 

ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ද, දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුථ බස්නායක නිළමේවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ඡායාරූප - චමිල් රුපසිංහ