නාමල් - ප්‍රසන්න මෝටර් රේස් පදිති - වීඩියෝ


(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ වරාය නගරයේදී ඉදි කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලිකඳු සහිත ධාවන පථය අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙම ධාවන පථ තුනකින් යුක්ත මෙම ධාවන පථය දිග  කිලෝමීටර් 2කකි.  

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳුවල වාහන ධාවන පථය අද (28) ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙය කලම්බු ඩියුන්ස් ධාවන පථය ලෙස නමිකර ඇත. මෙම ධාවන පථය වරාය නගරයේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතී. එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරු මෙම ඒ.ටී.වී වාහන මෙම වැලි කඳු සහිත මාර්ගය ඔස්සේ ධාවනය කරනු ලැබීය.