නාවලපිටියේදී දුම්රිය මහ අනතුරක් වළකාගනී


(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය දුම්රිය ස්ථානයේදි මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එක්නෙක ගැටී සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වූ මගී දුම්රියේ රියැදුරා වළක්වා ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල සිට මහනුවර දක්වා භාණ්ඩ සහ මගී ප්‍රවාහනය කළ දුම්රියක්  නාවලපිටිය දුම්රිය ස්ථානයේ පළවැනි වේදිකාවේ නතර කර තිබියදී මහනුවර සිට පැමිණි මගි දුම්රිය ද පළවැනි වේදිකාවට ළගා වී ඇත.

පළවැනි වේදිකාවේ දුම්රියක් නතර කර ඇති බව දුටු මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වූ දුම්රියේ ප්‍රධාන රියදුරු වන ඒ.ජි.නිව්ටන් මහතා දුම්රිය නතර කරගත්තේය.

ඒ වන විට මගී දුම්රිය භාණ්ඩ ප්‍රවාහන දුම්රියට මිටර් 50 පමණ ආසන්නට පැමිණ නතර වී ඇත.මෙම අවස්ථාවේ දුම්රිය දෙකෙහිම මගින් කිහිප දෙනෙකු සිටි බව දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා කියා සිටියේය.