නියඟය දරුණුවීමෙන් දිය කැපීම බේසමක


හිරාන් ප්‍රියකර ජයසිංහ

පවතින නියඟය හේතුවෙන් අද (1) පුත්තලම කරුමාරි අම්මන් කෝවිලේ වාර්ශීක මංගල්‍යය වෙනුවෙන් දිය කැපීම සිදුවුයේ  කරුමාරි අම්මන් මැණියන්ගේ   ප්‍රතිමාව ඉදිරිපිටදි    ආභරණ කුඩා බේසමක දමා චාරිත්‍ර ඉටු කිරිමේනි.
 
කරුමාරි අම්මන් කෝවිලේ වාර්ශීක මංගල්‍යය වෙනුවෙන් වෙනත් වසර වලදි  දිය කැපීම සිදුවන්නේ පුත්තලම සේනකුඩිරිප්පුව විල්ලුව වැවේ අදාල චාරිත්‍ර ඉටු කරමිණි .නමුත් වසර ගනණාවක සිට පුත්තලම දිස්ත්‍රික්කයට නිසි වර්ශාවක් නොලැබීම නිසා ගංගා , ඇළ දොල, සහ සියලුම වැව් හා ජලාශ මේ වන විට සිදි යාම හේතුවෙන් හින්දු බැතිමතුන් තම චාරිත්‍ර වතාවත් වන දිය කැපීම කරුමාරි අම්මන් මැණියන්ගේ  ප්‍රතිමාවක් ඉදිරිපිට තබා ගෙන    කුඩා බේසමක ආධාරයෙන් සිදු කර තිබේ.
 
එසේම ශ්‍රී කරුමාරි අම්මන් කෝවිලේ වාර්ශීක මංගල්‍යය වෙනුවෙන් රටට සෙත් පතා වැසි වස්සන ලෙස ඉල්ලමින්  සැතපුම් පහකට ආසන්න දුරක් පා ගමනින් ගමන් කර කරුමාරි අම්මන් වෙනුවෙන් කිරි කළ පුජා කිරිම සිදුවිණි .