නියඟයෙන් පීඩා විදි පිඹුරකුට සැලකු අපුරු තරුණයෙක්


(ජයරත්න වික්‍රමාරච්චි)

දැඩි නියඟය හේතුවෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ  පීඩාවට පත් වී සිටින වන සතුන් අතරින් තබ්බෝව රක්ෂිතයට යන එන මඟක අසරණ වී සිටි පිඹුරෙකු අල්ලා නිවසට රැගෙන විත් දින 8ක් කවා පොවා රැක බලාගෙන රක්ෂිතයටම මුදා හැරීම සඳහා වනජීවී නිලධාරින්ට බාරදීමට කරුවලගස්වැව ඉහළපුලියන්කුලම, මහගම පදිංචි තරුණයකු කටයුතු කළේය.