නිල් මානෙල් අතර පිපුණු කහ මානෙල්


(උපුල් තම්මිට)

මල් අතරින් නිල් මානෙල්වලට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඒ හුදෙක්ම ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වීම හේතුවෙනි.

නිල් මානෙල් පැළයකින් කහ වර්ණැති මල් දෙකක් පිපී ඇති තොරතුරක් රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැළෑව ශ්‍රී බෝධිදක්ෂිනා විහාරස්ථානයෙන් වාර්තා වේ.

විහාරස්ථානයේ අලංකාරය සඳහා විසිතුරු මත්ස්‍යන් ඇතිකරන ටැංකියකට නිල්මානෙල් මල් අලයක් මීට වසර දෙකහමාරකට පෙර එහි විහාරාධිපති පූජ්‍ය මෑඩෑමුල්ලේ සුජාත හිමි සිටුවා තිබිණි.ඉන් මාස කිහිපයකට පසුව එහි නිල් මානෙල් මල් හටගෙන ඇති අතර කහපැහැති මානෙල් මලක් පිපී ඇති තිබේ.

ඉන් අනතුරුව තවත් කහපැහැති මානෙල් මල් පොහොට්ටු දෙකක් පිපෙන්නට සුදානම්ව පවතින අයුරු නිරීක්ෂණය වී තිබේ.

මෙහි ඇති විශේෂත්වය නම් එක ම පැළයේ නිල් පැහැති මානෙල් මලක් පිපී පවතින අවස්ථාවේදීම කහ මානෙල් මල් දෙකක් ද පිපී තිබීමය. මල් වෙත ආලේකය ලැබීම අවහිර කර තිබියදී සුළු වේලාවකින් කහ මානෙල් මල් දෙක පමණක් පෙති හැකිලෙන බවද, ආලෝකය ලබා දුන්විට මල්වල පෙති දිගහැරෙන බවද උන්වහන්සේ සඳඑහන් කරති.

සාමාන්‍ය ව්‍යාහාරයේදි නිල් මානෙල් වඩාත් ප්‍රචලිතව ඇතත් කහ මානෙල් පිළිබදව මෙතෙක් උතුරුමැද පළාතෙන් හෝ කිසිදු ස්ථානයකින් වාර්තා නොවුණු බව විහාරාධිපති හිමියෝ පවසති.

මේ කහ පැහැති මානෙල් මල් දැක බලා ගැනීමට ජනතාව පැමිණෙමින් සිටිති.