නිළි රැජිනගේ සිනමා දිවියේ 50 වැනි වසර සැමරේ


(ඉෂාන් සංජීව)

සිනමා ක්ෂේත‍්‍රයේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් ප‍්‍රවීන රංගන ශිල්පිනී ආචාර්ය මාලිනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට 50 වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ  සහ අගමැති රනිල් වික්‍රමසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත් විණි.

විශේෂාංග රැසකින් සමන්විත මෙම උත්සවයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාලිනි ෆොන්සේකා මහත්මියට සමරු තිළිණයක් සහ ත්‍යාග මුදලක් පිරිනැමීය. මෙහිදි මාලිනී අභිනන්දන කෘතිය පිළිගැන්වීම සහ මාලිනී වෙබ් අඩවිය විවෘත කිරීමද සිදුකෙරිණි.

කථානායක කරූ ජයසුරිය  මහතා ඇතුළු කලා කරුවෝ රැසක් මේ අවස්ථාවට සහභාගීව සිටියහ .