නුවරඑළියේ රුක් රෝපණ වැඩසටහනක්


(හැටන් සුදත් එච්. එම්. හේවා)
ජගත් පරිසර දිනයට සමගාමීව නුවරඑළිය නගරයේ අලංකාරය උදෙසා පැල සිටුවීමේ වැඩසටහනක් රාජ්‍ය දැව සංස්ථාව මගින් අද (08) සිදු කරන ලදි.

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනි හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ සංකල්පයක් මත මෙය සිදුකළ අතර මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. ආර්. බී. පුෂ්පකුමාර, නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න යන මහත්වරු ඊට එක්වූහ.

මෙම පැල සිටුවීම නුවරඑළිය නගරයේ මාර්ගය දෙපස සිදු කළ අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ ජනතාවද එක් විය.