පන්දම් දල්වා ගෙන ධීවරයෝ විරෝධතාවයක


(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
 
අය වැයෙන් සහන නොදීම ඇතුලු ගැටලු රැසක් මුල්කර ගනිමින් අද (28) රාත්‍රියේදී ධීවරයින් පිරිසක් පන්දම් දල්වාගෙන කොස්ගොඩ ගල්බොක්ක වෙරළ තීරයේ විරෝධතා ව්‍යාපාරයක නිරතවූහ.

                                                      
සිය ගැටලු පිළිබඳව දිවා කාලයේ අදාළ  බලධාරීන් දැනුවත් කළත් එයට  නිසි විසඳුම් නොලැබීම නිසා තමන් මෙසේ විසඳුම් ඉල්ලා රාත්‍රියේ විරෝධතාවේ යෙදෙන බවද මේ අවස්ථාවට සහභාගි වූ ධීවරයෝ පැවසූහ.
                                             
කොරෝනාවෙන් වැටී සිටින තමන් සඳහා මෙවර අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නැති බවද ඔවුහු කීහ.
                                                      
එමෙන්ම අදාළ බලධාරින්ගේ නොසැලකිල්ල නිසා සිය කර්මාන්තය දිනෙන් දිනම විනාශ වෙමින් පවතින බවද ධීවරයෝ කියති.
                                                         
දිවා කාලයේදී සිය ඉල්ලීම්වලට කන් නොදුන් බලධාරීන් රාත්‍රී කාලයේදීවත් ඊට කන් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔවුහු කියති.