පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී


( ක.ග කරුණාරත්න සහ  ඩබි.ඒ.පියතිලක)
 
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පිටාර මට්ටමේ  ඇති පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ  වාන් දොරටු  සියල්ල   විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කළාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ හේවගේ මහතා පවසයි.

වාන් දොරටු විවෘත කිරීම නිසා තත්පරයකට ඝන අඩි 1120 ක ජල ධාරිතාවක් ජලාශයෙන් පිටවන බව දපැවසු ඒ මහතා වර්ෂාව තවදුරටත් අඛණ්ඩව පැවතුණහොත් තවත් වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට සිදුවනු ඇතැයිද සඳහන් කළේය.