පස්සර වතුකම්කරුවෝ පාරට බසිති


(විජේරත්න රත්නායක )

රජය අයවැයෙන් පොරොන්දුවූ පරිදි වතු කම්කරුවන් හට රුපියල් 1000 දෛනික වැටුප වහා ලබාදෙන ලෙස ඉල්ලා අද (31) දහවල් පස්සර නගරයේදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණි.

අයවැයෙන් පොරොන්දුවූ රුපියල්  1000 වහා ලබාදෙනු යන මැයෙන් සමස්ථ ලංකා වතු කම්කරු සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය  කර  තිබූ අතර පස්සර, ලුණුගල, මඩොල්සිම යන ප්‍රදේශයන්හි වතු කම්කරු නියෝජිතයන් පිරිසක් ඊට එක්ව සිටියහ.