පැරණි මෝටර් රථ පෙරහරක්


(ශාන්ත රත්නායක)                          

සංචාරක අමාත්‍යංශය හා ලංකා ඔටෝ මොබයිල් සංගමය සිලෝන් එක්සොටික් රථවාහන සමාජය හා එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම එක්සෝටික් පැරණි හා දුර්ලභ ඔටෝ මොබයිල් මෝටර් රථ පෙරහර අද (26) පැවැත්විණි.
සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලංකා ඔටෝ මොබයිල් සංගම් මූලස්ථානය ඉදිරිපිට දී එය ආරම්භ විය.