පොලිස් නත්තල් උත්සවය හලාවතදී


ජුඩ් සමන්ත
 
පොලිස් නත්තල් උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත පොලිස් ක්‍රීඩංගනයේදී අද (20) පැවැත්විය.
 
කුඩා දරුවන් වෙනුවෙන් විවිධ ක්‍රීඩා තරඟ මෙම නත්තල් උත්සවයේදී සංවිධානය කර තිබු අතර.එම තරඟ වලට සහභාගි වූ සියළුම දරු දැරියන්ට පොලිස්පතිවරයා ත්‍යාග ප්‍රධානය කිරීමද මෙහිදී සිදු විය.
 
මෙම නත්තල් උත්සවයේදී පොලිස් නිල සුනඛ අංශය ඉදිරිපත් කරන ලද අංගයන් කාගේත් අවධානයට ලක් විය.
 
හලාවත රදගුරු අති උතුම් වැලන්ස් මෙන්දිස් හිමිපානන් ඇතුළු ආගමික නායකයින්ද,පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.