බණ්ඩාරනායක ගුණ සැමරේ



(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10 , ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද (25) පැවැත්විණි.

මෙය 'බණ්ඩාරනායක ප්‍රත්‍යාවලෝකනය' ලෙස නම් කර තිබිණි. මෙහිදී හිටපු ජනධිපතිවරයා ඇතුළු නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු බණ්ඩාරනායක පිළිරුවකට පුෂ්පෝපහාර දැක්වුහ.

පක්ෂයේ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් රචනා කරනලද “බණ්ඩාරනායක ප්‍රත්‍යාවලෝකනය”  නමැති කෘතිය ඒ මහතා හිටපු ජනාධිපතිවරයාට පිළිගැන්වුහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේන් රාගවන්, ශාන් විජයලාල්, අන්ගජන් රාමනාදන් ඇතුළු මැති ඇමැතිවරු ද පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.