බස්නාහිර ආණ්ඩුකාර වැඩ අරඹයි


බස්නාහිර පළාත්  නව ආණ්ඩුකාර   විශේෂඥ වෛද්‍ය  සීතා  අරඹෙපොළ    බත්තරමුල්ල  ඩෙන්සිල්  කොබ්බෑකඩුව  මාවතේ  පිහිටි  බස්නාහිර පළාත්  ආණ්ඩුකාර  කාර්යාලයේ දී අද  (25) වැඩ බාරගත්තාය.
 
 බෙල්ලන්විල  රජමහා විහාරයේ විහාරාධිපති  ආචාර්ය  බෙල්ලන්විල ධම්මරතන  නා හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි  ඇතුළු මහාසංඝරත්නය  මෙම  අවස්ථාවට  වැඩම කළහ.
 
 ආරක්ෂක ලේකම්  මේජර්  ජනරාල්  කමල්  ගුණරත්න( විශ්‍රාමික) , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රියර් අද්මිරාල් සරත් වීරසේකර , බස්නාහිර පළාත්  ප්‍රධාන ලේකම්  ප්‍රදීප්  යසරත්න , බස්නාහිර පළාත්  ආණ්ඩුකාර  ලේකම්   පී. සෝමසිරි , බස්නාහිර පළාත්  ආණ්ඩුකාර  සීතා අරඹෙපොළ මහත්මිය ගේ  මෑණියන්  වන පද්මිනී අරඹෙපොළ  යන  මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට  සහභාගිවූහ .
 


ඡායාරූප   චතුර එස් .කොඩිකාර