බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක්


(ශාන්ත රත්නායක)

ලංකා බැංකු සේවක සංගමයේ මූලිකත්වයෙන් ස්වාධීන වෘත්තීය සමිති 19ක් එක්ව ගොඩනැගුණු පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය රාජ්‍ය දේපල විකිණීම, ජනතාව මත බදුබර පැටවීම, වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම ආදි කරුණු කිහිපයක් මුල් කරගනිමින් මහජන බැංකු සේවක සංගමය ඉදිරිපිට අද (7) උද්ඝෝෂණයක නිරත විය.

එහිදි විරෝධතාකරුවෝ කොටුව මහජන බැංකු කාර්යාලයේ සිට ලෝටස් පාර දක්වා පා ගමනින් ගොස් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් විරෝධතාවයේ යෙදුණහ.