බොක්සිං ක්‍රිඩිකා අනුෂාට උපන් ගමෙන් උපහාර...


                                                                    
(සඳලංකාව - හේමලතා ඩී හේවගේ)     
                                         
මෙවර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවති 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙදී කාන්තා බොක්සිං ක්‍රීඩා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන්  බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු පිළිගැනීමේ සහ උපහාර පිදිමේ උත්සවයක් ඇයගේ උපන්ගමවන පන්නල - බටපොතැල්ල ප්‍රදේශයේදී පැවැත්විණි.

වනමන්දාව රජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය නැඳගොමුවේ සිරිධම්ම නායක හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසීන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ අනුෂා කොඩිතවක්කු ක්‍රීඩිකාවගේ මව ඩබ් ඵම් හේමලතා මහත්මිය සහ ඇගේ පවුලේ සාමාජික සමාජිකාවන් ඇතුඵ විශාල පිරිසක් සහභාගිවී සිටියහ.