බෞද්ධ සංවිධාන කීපයක් සත්‍යග්‍රහයක


(මුදිතා දයානන්ද)

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජනාධිපති විමර්ශන කොමිසම මගින් බොදු බල සේනා ඇතුළු බෞද්ධ සංවිධාන කීපයක් තහනම් කිරිමට නිර්දේශ කිරීමට එරෙහිව භික්ෂු සංවිධාන එකමුතුව  සංවිධානය කළ සත්‍යග්‍රාහයක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදි අද පස්වරුවේ පැවැත්විණි.    

ආණ්ඩුව විසඳිය යුතු ප්‍රශ්න කීපයක් ඇතුළත් යෝජනා වලියක් මාර්තු 11  ප්‍රකාශය නමින් මෙහිදී ඉදිරිපත් කළේය. 

මෙම සත්‍යග්‍රහාර‍හයට පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමිවරු ඇතුලු ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා  එක්ව සිටියහ.

ළහිරු හර්ෂණ