මහනුවර පාලුවට ගිහින්


චමිල් රූපසිංහ
 
පැවැති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මහනුවරට පනවා තිබූ ඇදිරි නීතිය අද (08) පෙරවරු 10ට ඉවත් කර තිබුණද අද දිනය පුරා මහනුවර නගරය පාලු ස්වභාවයක් ගත්තේය.

 
ව්‍යාපාරික ස්ථාන රැසක් වසා තිබුණු අතර මහජනයා නගරයට පැමිණීමද ඉතා මන්දගාමී අයුරින් සිදුවිය. ඇදිරිනීතිය ඉවත් කළ පසුව සුළු පිරිසක් නගරයට පැමිණ සිටි අතර පොදු ප්‍රවාහන සේවාද මන්දගාමීව ක්‍රියාත්මක විය.
 
මහනුවර ඔරලෝසු කණුව අසල බස් නැවතුම හා ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ ලංගම බස් කිහිපයක් ගාල් කර තිබිණු අතර  දුර ගමන් සේවා සඳහා යම් බස් රථ ප්‍රමාණයක් යොදවා තිබුණු නමුත් මහනුවර හා ඒ අවට සුළු වශයෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක  විය.
 
ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා ත්‍රිවිද හමුදාව ස්ථාන රැසක රැකවල්ලා සිටි අතර ඇදිරිනීතිය පැවැති අවස්ථාවේදී සුලු සිද්ධි කිහිපයක් වාර්තා වී තිබුණු නමුත් සමස්ථයක් වශයෙන් මහනුවර හා ඒ අවට ප්‍රදේශ සාමකාමී තත්ත්වයක් පැවතුණි.