මා ඔය හරහා ඉදි කළ මිත්‍රත්ව පාලම ගසා ගෙන යයි


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොටදෙනියාව හා පල්ලේගම යා කරමින් 2001 වසරේ ඉදිකර තිබූ මා ඔයේ මිත්‍රත්ව පාලමේ කොටසක් ගංවතුට ගසා ගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මේ හේතුවෙන්  කොටදෙනියාව හා පන්නල අතර ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇත .

මහ වැස්සත් සමග මිත්‍රත්ව පාලම යට කරමින් අඩි අටක් දහයක් තරම් උසට මහා ජල කඳ ගලා ගියේය.

දින ගණනාවක පසු අද අලුයම් කාලයේ මෙම පාලම මතුව තිබූ අතර  මේ වන විට එහි කොටසක් ගැලවී ගොස් අයුරු දිස්විය.

දැවැන්ත උණ පඳුරක් ද හිර වී ඇත. 

2001 වසරේ දී එවකට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා ගේ මැදිහත්වීම මත කොටදෙනියාව හා පල්ලේගම ප්‍රදේශයේ ජනතාවගේ වියදමින් මෙම මිත්‍රත්ව පාලම ඉදි කරනු ලැබ ලැබීය.